තරුණ පරපුර සහ පාසල් දරුවන් බිලිගන්නා මාරක ප්‍රවණතාව.. මෙරට මුඛ පිළිකා රෝගීන් 3800ක් හඳුනාගනී...
Thursday, 16 July 2026 - 15:39 | Views - 73
2022 දත්ත වාර්තාවලට අනුව මෙරට මුඛ පිළිකා රෝගීන් 3800 ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඒ අයගෙන් 3000 ක්ම පිරිමි පුද්ගලයන් බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දත්ත විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර සඳහන් කළා.

ජූලි 27 වැනිදාට යෙදී ඇති ලෝක පිළිකා දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

මේ වන විට මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පවතින බව වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

මීට පෙර මුඛ පිළිකාවලට වැඩි වශයෙන් ගොදුරු වූයේ වැඩිහිටි පිරිස් වුවත්, මේ වන විට තත්ත්වය වෙනස් වී වයස අවුරුදු 20ත් 30 ත් අතර තරුණ පිරිස් මුඛ පිළිකා රෝගයට ගොදුරුවීමේ නරක ප්‍රවණතාවක් මතුව තිබෙනවා.

විශේෂයෙන්ම පාසල් දරුවන් අතර බාවා, තූල් සහ පැකට් කළ පුවක් වර්ග ඉතා ජනප්‍රියව පැතිර යන බව මුඛ සෞඛ්‍ය සමීක්ෂණයකින් හෙළි වුණා. මුඛ පිළිකාවට ප්‍රධානතම හේතුව බුලත් විට, මත්පැන් සහ සිගරැට් භාවිතයයි.

පර්යේෂණ අනුව දුම්කොළවල පිළිකා කාරක 28 ක් සහ පුවක්වල පිළිකා කාරක 4 ක් අඩංගු වන අතර කම්කරුවන්, වතු කම්කරුවන්, ධීවරයන් මෙන්ම පෙදරේරුවන් වැඩි වශයෙන් මෙම රෝගයට ගොදුරු වන බව වෛද්‍යවරයා පවසනවා.

මෙම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා ජාතික දන්ත රෝහලේ මුඛ හා හනුක විශේෂඥ ශල්‍ය වෛද්‍ය තනූජා පතිරාජ සඳහන් කළේ මුඛ පිළිකා කල් තියා හඳුනාගත හැකි බවයි. මුඛයේ රතු ලප හෝ සුදු ලප මතු වී ඇත්නම් වහාම වෛද්‍ය සායන වෙත යොමුවීමෙන් පිළිකාව පැතිර යාමට පෙර සුවපත් කරගත හැකියි. එහෙත් මුඛ පිළිකා වැලඳුණු රෝගීන් සායන කරා පැමිණෙන්නේ බොහෝ ප්‍රමාද වී බව වෛද්‍යවරිය කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top