රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන මාරක ඩෙංගු අවදානම.. වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට...
Thursday, 16 July 2026 - 17:10 | Views - 136
ඩෙංගු රෝගය තවදුරටත් රට තුළ ශීඝ්රයෙන් ව්යාප්ත වෙමින් පවතින පසුබිමක, වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 72,430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ ඊයේ (15) දින පැය 24ක කාලය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,195ක් වාර්තා වීමත් සමඟයි.මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්යාව 49ක්.

මෙවැනි අවදානම් සහගත පසුබිමක, රෝග ව්යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද (16) සිට සෞඛ්ය වෛද්ය නිලධාරි කොට්ඨාස 63ක් ආවරණය කරමින් නැවතත් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්රියාත්මක කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්රකාශ කළා.

මීට සමගාමීව ප්රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් සක්රියව සිදු කරනවා. ශීඝ්රයෙන් පැතිර යන ඩෙංගු ව්යාප්තිය පාලනය කිරීම සඳහා ගාල්ල බන්ධනාගාර පරිශ්රය දුමායනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, කොස්වත්ත රුහුණුපුර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ඊයේ දින බත්තරමුල්ල සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය විසින් සංවිධානය කිරීමට කටයුතු කළා.
මේ අතර, මදුරු කීටයන් සිටීම හේතුවෙන් ජාතික ජල සම්පාදන සහ ජල ප්රවාහන මණ්ඩලයේ බටපොත වැඩභාර නිලධාරී කාර්යාලයට එරෙහිව නඩු පැවරීමට ද සෞඛ්ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top