ලංකාවේ ඩෙංගු රෝගීන් 74,000 පනියි.. ඩෙංගු මරණවලින් සියයට 70ක්ම කාන්තාවන් බව හෙළි වෙයි...
Monday, 20 July 2026 - 9:44 | Views - 142
දිවයින පුරා දැනට වාර්තා වන සමස්ත ඩෙංගු මරණවලින් සියයට 70ක පමණ ප්‍රතිශතයක් කාන්තාවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ 53න් 37 දෙනෙකුම කාන්තාවන් බව එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පෙන්වා දුන්නා.

මෙලෙස කාන්තා මරණ කැපී පෙනෙන ලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ඔවුන් රෝගී වූ විට අවශ්‍ය විවේකය නොගෙන දිගින් දිගටම නිවෙස්වල වැඩකටයුතුවල නිරත වීමයි.

එමෙන්ම ඩෙංගු වැනි බරපතළ රෝගී තත්ත්වයන් හමුවේ ගස්ලබු කොළ යුෂ හෝ පාරම්පරික අත්බෙහෙත් අත්හදා බැලීම අතිශය අවදානම් සහගත බවත්, එවැනි ප්‍රමාදයන් නිසා අක්මාව සහ වකුගඩු අකර්මණ්‍ය වීම වැනි දරුණු සංකූලතා ඇති වන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නවතම වාර්තාවලට අනුව දිවයින පුරා දැනට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478ක් වන අතර පසුගිය ජූලි මාසයේදී පමණක් රෝගීන් 19,100ක් වාර්තා වුණා.

මේ වන විට ඩෙංගු 2වැනි වෛරස් ප්‍රභේදය බහුලව ව්‍යාප්ත වන බැවින්, උණ රෝග ලක්ෂණ මතු වූ වහාම අත්බෙහෙත් ගැනීමෙන් වැළකී පැරසිටමෝල් පමණක් භාවිතා කරමින් දින දෙකක් ඇතුළත සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top