දෙවන වාරය අවසන් වන සහ තෙවන වාරය ආරම්භ වන දින ප්‍රකාශයට පත් කෙරේ.. සම්පූර්ණ විස්තරය මෙන්න...
2026 වර්ෂය සඳහා රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් වන දිනයන් සහ තෙවන පාසල් වාරය ආරම්භ වන දිනයන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය අවසන් වීම හෙට (24) වන අතර, තෙවන පාසල් වාරයේ (පළමු අදියර) ආරම්භය ජූලි 27 වැනි සඳුදා බව අදාළ නිවේදනයේ සඳහන් කළා.
එමෙන්ම, මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අවසන් වීම ජූලි 31 වන සිකුරාදා වන අතර, තෙවන පාසල් වාරයේ (පළමු අදියර) ආරම්භය අගෝස්තු 03 වන සඳුදා වන බවද සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්හි තෙවන වාරයේ අධ්‍යයන කටයුතු අදාළ දිනවල සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.