"මුළු ලෝකයක්ම මගේ දෝතට ලැබුණු මොහොත..." සතුට උතුරාගිය සුන්දර මතකයක් ගැන විනූ මුහුණුපොතට එක්කළ සටහන මෙන්න..
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්.
පසුගිය දවසක රංගන ජීවිතයේ අමතක නොවෙන සම්මානයකුත් දෝත දරාගන්න තරම් ඇය වාසනාවන්ත වුණා. ඒ සතුටත් එක්කම ඇයගේ ජීවිතය අද වෙද්දි මොන තරම් නම් අලුත් වෙලාද..?
මේ අන්න ඒ ගැන විනූ ඇයගේ මුහුණුපොතට අලුතෙන්ම එක්කළ සටහනක්.
ඇයගේ පුංචි ලෝකය අද තවත් හැඩ වෙලා. ඒ මෙන්න මේ මැණික නිසා. පුංචි පුතා උපන් මොහොතේ ගත්ත ආදරණීය ඡායාරූප පෙළ සමගින් ඇය එක්කළ ඒ සටහම මෙන්න බලන්නකෝ.
"මුළු ලෝකයක්ම මගේ දෝතට ලැබුණු මොහොත... මගේ පුංචි කුමාරයා!"