වසර 17කට පසු ශ්‍රෙක් නැවතත් කරළියට.. ලෝක ප්‍රකට සජීවීකරණ චිත්‍රපට මාලාවේ 5 වන කොටස ගැන ඇසෙන පුවත මෙන්න.
Monday, 22 June 2026 - 11:16 | Views - 254
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ සජීවීකරණ චිත්‍රපට මාලාවක් වන "Shrek" වසර 17කට පසුව නැවතත් ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමට සූදානම් වනවා. ඒ අනුව එහි 5 වන කොටස වන "Shrek 5" චිත්‍රපටයේ නවතම දර්ශන පෙළක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

නවතම චිත්‍රපටය තුළින් Shrek, Fiona සහ Donkey යන සුපුරුදු චරිත නැවතත් සුරංගනා ලෝකය හරහා අලුත් සංචාරයක නිරත වන අයුරු දැකගන්න පුළුවන්..

මීට පෙර ශ්‍රෙක් චිත්‍රපට සඳහා හඬ දායකත්වය සැපයූ Mike Myers, Cameron Diaz සහ Eddie Murphy නැවතත් තමන්ගේ සුපුරුදු චරිත සඳහා එක්ව සිටිනවා.

මීට අමතරව, මෙවර චිත්‍රපටය සඳහා ප්‍රසිද්ධ නිළි Zendaya ද එක්ව ඇති අතර, ඇය ශ්‍රෙක් සහ ෆියෝනාගේ වැඩිහිටි දියණිය වන Felicia යන චරිතයට හඬ දායකත්වය සපයනු ලබනවා.

චිත්‍රපටයේ කථා වස්තුව පිළිබඳ සම්පූර්ණ තොරතුරු තවමත් රහසිගතව පවත්වාගෙන ගියද, ප්‍රේක්ෂකයින් කුල්මත් කරන සුපුරුදු හාස්‍යයෙන් යුත් දැවැන්ත සිනමා අත්දැකීමක් මෙවරත් ලැබෙනු ඇති බව එහි නිෂ්පාදකයින් පවසනවා.

Walt Dohrn සහ Conrad Vernon විසින් අධ්‍යක්ෂණය කරන "Shrek 5" චිත්‍රපටය 2027 ජූනි මස 30 වනදා ලොව පුරා තිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top