හිටපු පොලිස්පතිවරයාගේ මරණය පිළිබඳ විශේෂ පරීක්ෂණ.. ගිනි අවිය රස පරීක්ෂක වෙත..
Saturday, 18 July 2026 - 15:58 | Views - 31
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන පිස්තෝලය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බව බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර ප්‍රකාශ කළා.

අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මෙම ගිනි අවිය රස පරීක්ෂකවරයා වෙත ලබන සඳුදා භාරදීමට සැලසුම් කර ඇති බව ඔහු කියා සිටියා.

මේ අතර, මියගිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු ලබන සඳුදා සිදුකිරීමට තීරණය වී තිබෙනවා.

මේ වනවිටත් ඔහුගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වනවා.

එමෙන්ම, මෙම මරණය සිදුවීමට පෙර ඔහු හමුවීමට මාලබේ, තලාහේනේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ නිවසේ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේද ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඊයේ වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ මාලබේ, තලාහේනේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

පෞද්ගලික හේතුවක් මත, සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ පිස්තෝල වර්ගයේ ගිනි අවියෙන් මොහු වෙඩි තබාගෙන සියදිවි හානි කරගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හිටපු පොලිස්පතිවරයා නැගෙනහිර කොළඹ මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි අතර ඔහුගේ පපුවේ දකුණු ප්‍රදේශයට වෙඩි වැදී තිබුණා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ බිරිඳගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිය පුත්‍රයා සම්බන්ධයෙන් වූ අධිකරණ කටයුත්තක් හේතුවෙන් සිය සැමියා දැඩි කම්පනයෙන් සිටි බවට ඇය පවසා තිබුණා.

මෙම මරණය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලඹේ පොලිස් ස්ථානය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top