"ඉන්න තැනක සතුටින් ඉන්න අප්පච්චි" ජැක්සන් ඇන්තනීගේ උපන්දිනයදා දියණිය මුහුණුපොතට එක්කළ ආදරණීය සටහන..
Wednesday, 08 July 2026 - 22:23 | Views - 19
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක් තැබූ, රංග පාසලක් බඳු වූ ජැක්සන් ඇන්තනී මහතාගේ ජන්ම දිනය අද (08) දිනට යෙදී තිබෙනවා.

1958 ජූලි මස 08 වැනිදා මෙලොව උපත ලැබූ ඒ මහා කලාකරුවා අද අප අතර නොසිටිය ද, ඔහු මෙරට වේදිකාව, රිදී තිරය මෙන්ම පුංචි තිරය තුළ ද ඉතිරි කර ගිය මතකයන් සදාකාලිකවම ප්‍රේක්ෂක හදවත් තුළ ජීවත් වනවා.

ගුරු ගෙදර, චිට්ටි, අයෝමා, විසි දැල, ලොකු දුව, භව දුක, භව කර්ම සහ ගිනි අවි සහ ගිනි කෙළි වැනි අමතක නොවන සිනමාපට රැසකට ඔහු සිය රංගන දක්ෂතාවයෙන් පණ පෙවූ අතර බෙර හඬ, අත් ඔත්තුකාරයා, මෙතනින් මාරු වෙනු, ලෝමහංස සහ තාරාවෝ ඉගිලෙති වැනි වේදිකා නාට්‍යයන් ද ඒ අතර සුවිශේෂී වනවා.

රංගනයට පමණක් නොව ගායනයට ද උපන් හපන්කම් දැක්වූ ඔහු ක්ලැරන්ස් විජේවර්ධනයන් සමඟ එක්ව ගැයූ 'දෑස පියා ගත් කල', 'සිතේ සුසුම් නිවන ගයන', 'රෑ තාරකාවෝ' වැනි ගීත අදටත් රසිකයන් අතර නොමැකී පවතිනවා.

කෙසේ වෙතත්, පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 09 වැනිදා මුළු රටම කම්පා කරමින් ඒ අසන්නට ලැබුණු අවාසනාවන්ත පුවතත් සමඟින් ජැක්සන් ඇන්තනී නම් මහා කලාකරුවා අපෙන් සදහටම සමුගත් අතර ඔහු නොමැතිව කලා ක්ෂේත්‍රය තුළ ඇති වූ හිඩැස අදටත් ඒ අයුරින්ම දැනෙමින් පවතිනවා.

අද දිනට යෙදෙන ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ආදරණීය දියණිය වන මාධවී ඇන්තනී සිය මුහුණුපොතට හදවතට දැනෙන අපූර්ව සටහනක් එක් කර තිබුණේ මෙලෙසින්,

"අප්පච්චි මේ ලෝකෙ උපන්නෙ අද වගේ දවසක.. 1958.07.08
පොඩිකුඹුරෙ ඇත්තො කිව්වෙ "මැල්සි උපන්නෙ ජූලි හතක් පහු කරන්" කියලලු. "යළි අප අතරේ උපදීවා" කියන්න බෑ අවංක හිතින්. "හොඳ ජීවීන් අතරේ උපදීවා" මගෙ හොඳ අප්පච්චි! ඉන්න තැනක සතුටින් ඉන්න මගේ පැතුම එච්චරයි. මට නැති වුනාට කමක් නෑ. අප්පච්චි හොඳින් නම්."

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top