ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් ජාතික මෙහෙයුමක්.. කොළඹ විශේෂ පා ගමනක් ඇරඹෙයි.
අදට (2026 ජූනි 26) යෙදී ඇති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් "රටම එකට ජාතික මෙහෙයුම" යටතේ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.
මේ වෙනුවෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ පා ගමනක් අද උදෑසන කොළඹදී ආරම්භ කෙරුණා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගීත්වයෙන් කොළඹ චෛත්‍ය පාරේ සිට කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන් කළ මෙම පාගමන ආරම්භ කළා.
මීට අමතරව, විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ නිල මාධ්‍ය මධ්‍යස්ථානය අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබෙනවා. මෙම නව මධ්‍යස්ථානය කොළඹ 07, විජේරාම මාවතේදී මෙලෙස විවෘත වීමට නියමිතයි.