සියලු බාධක මැද රට වෙනුවෙන් නිහඬව සේවය කළ වීරයෙක්.. මීගමුවේදී සමුගත් ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු හෙට..
Wednesday, 08 July 2026 - 20:00 | Views - 126
මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට ගොස්, සිය වෘත්තීය වගකීම උපරිමයෙන් ඉටු කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් එස්.එච්.ජී. චන්ද්‍රවංශගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව හෙට පස්වරුවේ තලාහේන පොදු සුසාන භූමියේදී පූර්ණ බන්ධනාගාර නිල ගෞරව සහිතව ඒ මහතාගේ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ තැන්පත් කර තිබූ නිසල දේහය අද පස්වරුවේ තලාහේන ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා. එහිදී බන්ධනාගාර උසස් නිලධාරීන් ඇතුළු සෙසු සහෝදර වෘත්තිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් චාරිත්‍රානුකූල ගෞරවාචාර පුද කිරීම් සිදු කෙරුණු අතර, දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තිබෙනවා.

ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශ සිය අවසන් හුස්ම හෙළන තෙක්ම කලාපීය ආරක්ෂාව වෙනුවෙන් කළ කැපවීම අතිශය අගය කළ යුත්තක් වනවා. වෘත්තීය සගයන් පවසන පරිදි, ඔහු සිය පෞද්ගලික ජීවිතය තුළ දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටි අයෙකි.

පසුගිය කාලයේ ඇති වූ "දිට්වා" ස්වභාවික ආපදාව හේතුවෙන් ඔහුගේ නිවසට ද දැඩි හානි සිදුව තිබූ අතර, ඔහු ස්ථිර පදිංචියක් පවා නොමැතිව දැඩි පීඩාවකට පත්ව සිටි අයෙක්. එමෙන්ම, ඔහු කලක සිට දරුණු පිළිකා රෝගයකින් ද පීඩා විඳිමින් සිටි අයෙකි. නමුත් ඒ සියලු කායික සහ මානසික බාධකයන් තමන්ගේ රාජකාරියට බාධාවක් කර නොගත් චන්ද්‍රවංශ මහතා, අවසන් මොහොත දක්වාම සිය සේවය නොපිරිහෙලා ඉටු කිරීමට කටයුතු කර තිබෙනවා.

තමන් මුහුණ දුන් බරපතළ පෞද්ගලික ප්‍රශ්න සහ සෞඛ්‍ය ගැටලු සියල්ල පසෙකලා, නිල ඇඳුමේ ගෞරවය වෙනුවෙන් ජීවිතය පූජා කළ ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශ මහතාගේ නික්මයාම සමස්ත බන්ධනාගාර ක්ෂේත්‍රයටම මෙන්ම රටටම පියවිය නොහැකි බලවත් පාඩුවක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top