දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නියාමනයට රජයේ සූදානමක්.. අවුරුදු 16න් පහළ දරුවන් වෙනුවෙන් විශේෂ ජාතික මාර්ගෝපදේශ මාලාවක්..
Wednesday, 08 July 2026 - 17:55 | Views - 33
වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය (Social Media) භාවිතයට අධික ලෙස ඇබ්බැහි වීම පාලනය කිරීම සහ දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් විශේෂ ක්‍රියාමාර්ග රැසක් සැලසුම් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක කර ඇති නියමු ව්‍යාපෘති සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් "Brain Health" යන නූතන සංකල්පය පදනම් කරගනිමින් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ කතිකාවතක් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. මෙහි ප්‍රධාන පියවරක් ලෙස, වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සහ නියාමනය කිරීම සඳහා නව ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් වෙමින් පවතින බවය ඇය පෙන්වා දුන්නා.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන පවුල් සවිබල ගැන්වීමේ නියමු වැඩසටහන හරහා, ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ අවුරුදු 18ට අඩු දරුවන් ඉන් මුදවා ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රමවේද මේ වන විටත් සාර්ථකව හඳුන්වා දී තිබෙනවා.

මෙම ගැටලුව හුදෙක් සමාජ මාධ්‍ය තහනම් කිරීමකින් පමණක් තනිවම විසඳිය නොහැකි බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, රජය බහුපාර්ශ්වීය ක්‍රියාමාර්ග රාශියක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව ප්‍රකාශ කළා.

"මේක රජයේ ප්‍රමුඛතාවයක් හැටියට අපි මැදිහත් වෙන කාරණයක්. සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳව විතරක් නෙවෙයි අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගැන කතා කරමින් ඉන්නවා. අධ්‍යාපනය තුළත්, වෙනත් අවස්ථාවලත් සමාජ මාධ්‍ය භාවිතාව සහ 'Digital Health' කියන එක ගැන විශේෂඥ උපදෙස් ලබා ගනිමින් අපේ රටට සුදුසුම ක්‍රියාමාර්ග මොනවාද කියන එක අපි සාකච්ඡා කරමින් ඉන්නවා. මේ වසර තුළ ඊට අදාළ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා."

තාක්ෂණයේ දියුණුව සමඟ දරුවන් ඩිජිටල් අවකාශය තුළ මුහුණ දෙන අවදානම් කළමනාකරණය කරමින්, ඔවුන්ට වඩාත් සෞඛ්‍ය සම්පන්න ළමා කාලයක් උරුම කර දීම මෙම නව රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලික අරමුණ වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය මෙන්ම කාගෙත් ආදරය...
Hiru Tv Blog
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන කතා කරද්දී වගේම, රිදී තිරයේ , පුංචි තිරයේ දකින සුරූපීම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top