RMV පරිගණක පද්ධතියට හොරෙන් ඇතුළු වී වාහන ලියාපදිංචි කළ ජාවාරම.. ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු අල්ලස් කොමිසමේ දැලට..
Wednesday, 08 July 2026 - 17:07 | Views - 32
රේගු බදු නොගෙවා සහ නිසි රේගු නිශ්කාශන කටයුතු සිදු නොකර මෙරටට අනීතික ලෙස ආනයනය කරන ලද මෝටර් රථ දෙකක්, ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි මෝල්පේයාලගේ සංජීව කුමාර නැමැති ව්‍යාපාරිකයෙකි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (07) දින මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට, මෙම ව්‍යාපාරිකයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) ඇතැම් නිලධාරීන් සමඟ සමීප සබඳතා පවත්වමින් මෙම ජාවාරම මෙහෙයවා තිබෙනවා. නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ මෝටර් රථ දෙකක්, දෙපාර්තමේන්තුවේ නිල පරිගණක දත්ත පද්ධතියට (Computer Database) රහසිගතව ඇතුළත් කර නීත්‍යානුකූල වාහන ලෙස ලියාපදිංචි කරවා දීම මොහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.

මෙම ක්‍රියාවලිය හරහා රජයට ලැබිය යුතු විශාල රේගු බදු මුදලක් අහිමි කර ඇති බව ද අල්ලස් කොමිසම පෙන්වා දෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරි විමර්ශන කටයුතු සඳහා ලබන ජූලි මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සිද්ධියට සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන් කවුරුන්ද යන්න සහ මෙලෙස ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති සෙසු වාහන පිළිබඳව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය මෙන්ම කාගෙත් ආදරය...
Hiru Tv Blog
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන කතා කරද්දී වගේම, රිදී තිරයේ , පුංචි තිරයේ දකින සුරූපීම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top