රට පුරා ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්.. ජූලි මාසයේ අවසන් දින 5 තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,663ක්..
Monday, 06 July 2026 - 11:56 | Views - 125
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර තිබෙනවා. වත්මන් දත්ත වාර්තාවලට අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන්ම ජූලි මාසයේ අවසන් දින 5 ක කාලය තුළ පමණක් රෝගීන් 5,663 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බවයි ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා පවසා සිටියා.

මේ වන විට ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වඩාත්ම කණගාටුදායක කරුණ නම්, මෙලෙස ජීවිතක්ෂයට පත්වූවන් අතර වයස අවුරුදු 5 ට අඩු කුඩා දරුවන් පස් දෙනෙකු ද සිටීමයි.

වර්ෂාපතනයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන ඉහළ යාම මෙම තත්ත්වය උත්සන්න වීමට ප්‍රධානතම හේතුවක් වී තිබෙනවා.

තම නිවෙස්, පාසල් සහ රැකියා ස්ථාන අවට පරිශ්‍රයන්හි වතුර රැඳෙන ස්ථාන ශුද්ධ පවිත්‍ර කර මදුරුවන් බෝවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. 
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top