දිවයින පුරා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවයි.. මහනුවර දිස්ත්‍රික්කයේ පාසල්වලින් 59%කම මදුරුවන් බෝවන තැන්..
Saturday, 27 June 2026 - 16:30 | Views - 158
ලංකාව පුරා දැනට පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය හමුවේ, මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 50,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වන විට දිවයිනෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 50,459ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

එමෙන්ම, ඩෙංගු රෝගය වැළඳීමෙන් මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්යාව 30ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්රජා වෛද්ය විශේෂඥ ප්රශිලා සමරවීර සඳහන් කළා. පවතින මෙම දැඩි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් දැඩිව ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ ඩෙංගු මර්දන කමිටු රැස්වීමේදී අතිශය සංවේදී තොරතුරක් අනාවරණය වී තිබෙනවා.

මහනුවර දිස්ත්රික්කයේ පිහිටි පාසල් පරීක්ෂා කිරීමේදී ඉන් සියයට 59කම පමණ ඩෙංගු මදුරුවන් බෝ විය හැකි අවදානම් ස්ථාන හඳුනාගෙන ඇති බව එහිදී අදහස් දැක්වූ මධ්යම පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය කුමුදු බණ්ඩාර පෙන්වා දුන්නා.

දුවා දරුවන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්ය අංශ ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top