මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්.. ගම්පොළින් වාර්තා වූ කනගාටුදායක පුවත...
ගම්පොළ නගරයේ පාසලක සිසුවෙකු ගම්පොළ උඩෝවිට අසල මහවැලි ගඟේ දිය නෑමට ගොස් ගිලී අතුරුදහන්ව ඇති බව ගම්පොළ පොලිසිය සඳහන් කළා.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ උඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක්.
පාසල නිමවී නිවසට පැමිණි අදාළ සිසුවා සිය සහෝදරයා සහ තවත් සිසුවෙකු සමග ඊයේ (22) මෙලෙස මහවැලි ගඟ වෙත ගොස් තිබෙනවා.
මොවුන් දිය නෑමට ගිය ස්ථානයේ වැලි ගොඩ දැමීම හේතුවෙන් අඩි ගණනාවක ගැඹුරක් සෑදී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. එමෙන්ම එම ස්ථානයේ දිය පහරද ඉතා දැඩි බවට තොරතුරු වාර්තා වනවා.
ඊයේ රාත්‍රිය වන තෙක්ම ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ සිසුවා සොයා වෙහෙස මහන්සි වී සෙවුම් මෙහෙයුම් සිදු කළද ඔහුව සොයා ගැනීමට හැකි වූයේ නැහැ.
අද දිනයේ නාවික හමුදා කිමිදුම්කරුවන් කැඳවා අතුරුදන් වූ සිසුවා සෙවීමේ කටයුතු තවදුරටත් ඉදිරියට සිදු කරන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ගම්පොළ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළා.