මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්.. ගම්පොළින් වාර්තා වූ කනගාටුදායක පුවත...
Thursday, 23 July 2026 - 17:05 | Views - 40
ගම්පොළ නගරයේ පාසලක සිසුවෙකු ගම්පොළ උඩෝවිට අසල මහවැලි ගඟේ දිය නෑමට ගොස් ගිලී අතුරුදහන්ව ඇති බව ගම්පොළ පොලිසිය සඳහන් කළා.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ උඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක්.

පාසල නිමවී නිවසට පැමිණි අදාළ සිසුවා සිය සහෝදරයා සහ තවත් සිසුවෙකු සමග ඊයේ (22) මෙලෙස මහවැලි ගඟ වෙත ගොස් තිබෙනවා.

මොවුන් දිය නෑමට ගිය ස්ථානයේ වැලි ගොඩ දැමීම හේතුවෙන් අඩි ගණනාවක ගැඹුරක් සෑදී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. එමෙන්ම එම ස්ථානයේ දිය පහරද ඉතා දැඩි බවට තොරතුරු වාර්තා වනවා.

ඊයේ රාත්‍රිය වන තෙක්ම ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ සිසුවා සොයා වෙහෙස මහන්සි වී සෙවුම් මෙහෙයුම් සිදු කළද ඔහුව සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

අද දිනයේ නාවික හමුදා කිමිදුම්කරුවන් කැඳවා අතුරුදන් වූ සිසුවා සෙවීමේ කටයුතු තවදුරටත් ඉදිරියට සිදු කරන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ගම්පොළ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top