වැඩට කොට කලිසම් ඇඳන් එන්න පිරිමින්ට අවසර.. ජපානයෙන් ඇසුණු අමුතුම කතාව මෙන්න...
Thursday, 23 July 2026 - 16:02 | Views - 53
ජපානයේ පවතින අධික ග්‍රීෂ්ම ඍතු උෂ්ණත්වය හමුවේ කාර්යාලීය පිරිමි සේවකයන්ට සාම්ප්‍රදායික කෝට්-ටයි වෙනුවට කොට කලිසම්, ටී-ෂර්ට් සහ සැහැල්ලු පාවහන් පැළඳ සේවයට වාර්තා කරන ලෙස ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිර්දේශ කර තිබෙනවා.

ටෝකියෝ ආණ්ඩුකාර යුරිකෝ කොයිකේ (Yuriko Koike) විසින් "Tokyo Cool Biz" වැඩසටහන යටතේ හඳුන්වා දුන් මෙම නව ඇඳුම් පටිපාටිය සම්බන්ධයෙන් ජපාන සමාජය තුළ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වුණා.

ගෝරිල්ලා ක්ලිනික් ආයතනය මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව, පිරිමි සේවකයන් කාර්යාලයට කොට කලිසම් ඇඳ පැමිණීමට 53.5% ක පිරිසක් විරුද්ධත්වය පළ කර ඇති අතර, ඊට පක්ෂව අදහස් දක්වා ඇත්තේ 46.5% ක් පමණයි.

පිරිමි සේවකයන්ගේ පාදවල පවතින රෝම දැකීමට සිදුවීම අපහසුතාවයක් බව මෙම තීරණය සම්බන්ධයෙන් විවේචන එල්ල කරන ඇතැම් කාන්තා සේවිකාවන් පෙන්වා දෙනවා.

එය අන්තර්ජාලය ඔස්සේ 'සුනෙහාරා' (Sunehara) හෙවත් 'පාදවල රෝම මගින් සිදුවන හිරිහැරය' ලෙස හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම කාන්තාවන්ට තවමත් විධිමත් ඇඳුම් නීති බලපවත්වද්දී පිරිමින්ට පමණක් මෙලෙස ලිහිල් නීති පැනවීම අසාධාරණ බවටද චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටෝකියෝ පරිසර දෙපාර්තමේන්තු නිලධාරී නොබොරු වටනාබේ (Noboru Watanabe) BBC පුවත් සේවයට ප්‍රකාශ කළා.

මෙමගින් කිසිවෙකුට බලහත්කාරයෙන් ඇඳුම් පැළඳුම් නියම නොකරන බවයි. අධික උෂ්ණත්වය හමුවේ සේවකයන්ට වැඩි පහසුවක් ලබාදීම පමණක් මෙහි අරමුණ වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top