වැඩි ගණන් අය කළ යාපනයේ පෞද්ගලික රෝහලට වැඩ වරදියි.. නියම වූ දැවැන්ත දඩය මෙන්න.
Thursday, 23 July 2026 - 13:41 | Views - 114
රුධිර පරීක්ෂාවක් සඳහා නියමිත උපරිම මිල ඉක්මවා ගාස්තු අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට රුපියල් මිලියන 03ක දඩයක් නියම කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අය කරනු ලබන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් උපරිම සීමාවන් පනවා තිබෙනවා. ඒ අනුව Full Blood Count හෙවත් FBC නමැති රුධිර පරීක්ෂාව සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400ක් ලෙසයි දක්වා තිබෙන්නේ.

කෙසේ වෙතත්, යාපනය, පලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක එම පරීක්ෂාව සඳහා රුපියල් 550 බැගින් අය කර ඇති බව පසුගිය 13 වනදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී අනාවරණය වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරූ අතර, එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රෝහල් පාර්ශ්වය වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම රුපියල් මිලියන 03ක දඩය නියම කර තිබෙනවා.

එමෙන්ම, සිදුකරන ලද වරද සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙසද අධිකරණය වැඩිදුරටත් නියෝග කළා.

පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය රසායනාගාරයකින් සේවාවක් ලබාගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ විමසිලිමත් වන ලෙසත්, ගෙවනු ලබන සෑම මුදලක් සඳහාම නිවැරදි බිල්පතක් හෝ රිසිට්පතක් ඉල්ලා සිටින ලෙසත් පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top