ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රයට ගෝලීය වශයෙන් ඉහළ ඇගයීමක්.. හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ අලුත්ම ශ්‍රේණිගත කිරීම මෙන්න...
ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබෙනවා.
ඒ අනුව 2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ (Henley Passport Index) 94 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය ඉහළට පැමිණ ඇති බව වාර්තා වුණා.
2024 සහ 2025 වර්ෂවල අදාළ දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 96 වන ස්ථානයයි. ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය 2021 වර්ෂයේදී 107 වන ස්ථානයේ පසු වූ අතර, 2022 වර්ෂයේදී 102 වන ස්ථානයේත් 2023 වර්ෂයේදී 100 වන ස්ථානයේත් පසුවුණා.
පූර්ව වීසා බලපත්‍ර රහිතව විදේශ රටවලට ප්‍රවේශ වීමේ හැකියාව මත පදනම්ව ගමන් බලපත්‍රවල බලය සහ අන්තර්ජාතික සංචරණ හැකියාව පිළිබඳ ගෝලීය සංසන්දනයට අනුව මෙම දර්ශකය සකස් කර තිබෙනවා.
මෙම දර්ශකයේ පෙරමුණ ගැනීමට සිංගප්පූරු ගුවන්ගමන් බලපත්‍රය සමත්ව ඇති අතර, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන්ගමන් බලපත්‍ර සඳහා දෙවන ස්ථාන හිමිව ඇති බවයි වාර්තා වන්නේ. හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඇෆ්ගනිස්ථානය අවසන් ස්ථානයේ රැඳී සිටිනවා.