ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රයට ගෝලීය වශයෙන් ඉහළ ඇගයීමක්.. හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ අලුත්ම ශ්‍රේණිගත කිරීම මෙන්න...
Thursday, 23 July 2026 - 10:04 | Views - 116
ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබෙනවා.

ඒ අනුව 2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ (Henley Passport Index) 94 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය ඉහළට පැමිණ ඇති බව වාර්තා වුණා.

2024 සහ 2025 වර්ෂවල අදාළ දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 96 වන ස්ථානයයි. ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය 2021 වර්ෂයේදී 107 වන ස්ථානයේ පසු වූ අතර, 2022 වර්ෂයේදී 102 වන ස්ථානයේත් 2023 වර්ෂයේදී 100 වන ස්ථානයේත් පසුවුණා.

පූර්ව වීසා බලපත්‍ර රහිතව විදේශ රටවලට ප්‍රවේශ වීමේ හැකියාව මත පදනම්ව ගමන් බලපත්‍රවල බලය සහ අන්තර්ජාතික සංචරණ හැකියාව පිළිබඳ ගෝලීය සංසන්දනයට අනුව මෙම දර්ශකය සකස් කර තිබෙනවා.

මෙම දර්ශකයේ පෙරමුණ ගැනීමට සිංගප්පූරු ගුවන්ගමන් බලපත්‍රය සමත්ව ඇති අතර, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන්ගමන් බලපත්‍ර සඳහා දෙවන ස්ථාන හිමිව ඇති බවයි වාර්තා වන්නේ. හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඇෆ්ගනිස්ථානය අවසන් ස්ථානයේ රැඳී සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top