පැලවත්තේ ඩෙංගු වටලන්න ගිය PHIලාට ගිනි අවියක් හමු වෙයි.. නිවසේ හිමිකාර කාන්තාව අත්අඩංගුවට..
සජීවී මදුරු කීටයන් සිටි ඉතා අපිරිසිදු ලෙස සුනඛයින් විශාල ප්‍රමාණයක් ඇති කරන බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී එම පරිශ්‍රයේ තිබී ගිනි අවියක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
පසුව අදාළ ගිනි අවිය සමඟ එම නිවසේ හිමිකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා.
යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ රතු කුරුස සංවිධානයේ සහය ඇතිව බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම විශේෂ නිවාස පරීක්ෂණ මෙහෙයුම සිදුකළ බව වාර්තා වුණා.
මීට අමතරව, සජීවී මදුරු කීටයන් සිටි තවත් නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවෙස් හිමියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරීම හේතුවෙන් දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව තිබෙනවා.