පැලවත්තේ ඩෙංගු වටලන්න ගිය PHIලාට ගිනි අවියක් හමු වෙයි.. නිවසේ හිමිකාර කාන්තාව අත්අඩංගුවට..
Thursday, 23 July 2026 - 10:03 | Views - 87
සජීවී මදුරු කීටයන් සිටි ඉතා අපිරිසිදු ලෙස සුනඛයින් විශාල ප්‍රමාණයක් ඇති කරන බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී එම පරිශ්‍රයේ තිබී ගිනි අවියක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
 
පසුව අදාළ ගිනි අවිය සමඟ එම නිවසේ හිමිකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා.

යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ රතු කුරුස සංවිධානයේ සහය ඇතිව බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම විශේෂ නිවාස පරීක්ෂණ මෙහෙයුම සිදුකළ බව වාර්තා වුණා.

මීට අමතරව, සජීවී මදුරු කීටයන් සිටි තවත් නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවෙස් හිමියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරීම හේතුවෙන් දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top