උසස් පෙළ විභාගය කල් දමන පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීරණාත්මක අධිකරණ නියෝගය අද..
Thursday, 23 July 2026 - 9:21 | Views - 27
ලබන මාසයේ ආරම්භ වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය අද (23) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වසරේ පළමුවරට හා දෙවනවරට විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් නව දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර, එය පසුගිය 16 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අවසන් වරට සලකා බලනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යයෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බව සඳහන් කළා.

දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බුධදිනවල නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට රජය ගත් තීරණය වැනි කාරණා නිසා පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවද නීතිඥවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 378,000ක් පමණ ලියාපදිංචි වී ඇති අතර ඉන් නව දෙනෙකු පමණක් මෙම විභාගය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ ඇති බවයි.

විභාගවලට පෙනී සිටීම සඳහා සිසුන් සාමාන්‍යයෙන් වාර්ෂිකව පාසල් පැමිණීමෙන් සියයට 80ක් සම්පූර්ණ කිරීම අවශ්‍ය වුවද, පෙත්සම්කරුවන් අතුරින් එක් ශිෂ්‍යයකුගේ පාසල් පැමිණීම සටහන් වී ඇත්තේ සියයට 7.2ක් ලෙස බවත් ඔහු පෙන්වා දුන්නා. උසස් පෙළ විභාගය කල් දැමුවහොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි කටයුතුවලට දැඩි අගතියක් සිදුවන බැවින් පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කර ඇති බවද සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද නැද්ද යන නියෝගය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරිය, අමාත්‍යාංශ ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජෙනරාල්වරිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top