කොල්ලුපිටියෙන් ඇල්ලූ කෝටි ගණනක ජංගම දුරකථන තොගය.. පොලිසියට අල්ලස් දෙන්න ගිය ජාවාරම්කාරයාත් කොටුවෙයි..
Thursday, 23 July 2026 - 9:20 | Views - 43
කොල්ලුපිටිය නගර මධ්යයේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක ඉදිකර තිබූ රහසිගත ගබඩාවක සඟවා තිබූ රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුතු ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 300කට අධික ප්රමාණයක් වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය මඟින් සොයාගෙන තිබෙනවා.
 
මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ ජංගම දුරකථන තොගයේ හිමිකරු විසින් වැටලීමට පැමිණි පොලිස් නිලධාරීන්ට අල්ලස් ලෙස රුපියල් කෝටි දහයක මුදලක් ලබාදීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළා.

සිදුවීමට අදාළව දෙහිවල ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා.

පොලිස් භාරයට ගත් මෙම ජංගම දුරකථන තොගය තීරුබදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති බවයි අදාළ පරීක්ෂණ අංශ සඳහන් කළා.

වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු විශේෂ තොරතුරකට අනුව සුපිරි වෙළෙඳ සංකීර්ණයේ පළමු මහලේ පිහිටි ස්ථානයකදී මෙම වැටලීම මෙහෙයවා තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු විසින් ගුවන්තොටුපල හරහා ව්යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉතා සූක්ෂම ලෙස විටින් විට මෙම දුරකථන මෙරටට ගෙනවිත් ඇති අතර, පසුව ඒවා දිවයින පුරා පිහිටි ප්රදර්ශනාගාර වෙත යවා අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top