ඓතිහාසික දෙවුන්දර දේවාල පෙරහර හෙට ඇරඹෙයි.. පෙරහරට පොලිස් නිලධාරීන් 500ක රැකවලක්..
Thursday, 23 July 2026 - 8:54 | Views - 34
ඓතිහාසික දෙවුන්දර දේවාලයේ පෙරහර හෙට (23) පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කංජිපානි ඉම්රාන්' ලෙස පෙනී සිටින අයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'දෙහිබාලේ මල්ලී' නමැත්තා අතර සිදුවූ බව කියන තර්ජනාත්මක හඬපට කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි ලෙස සංසරණය වෙමින් පවතිනවා.

මෙවැනි පසුබිමක් තුළ තමන්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳව මෙන්ම හෙට ඇරඹෙන පෙරහree ආරක්ෂාව වෙනුවෙන් දෙවුන්දර සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තිළින මධුසංඛ විසින් මාතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පෙරහර පැවැත්වෙන කාල සීමාව තුළ බැතිමතුන්ගේ සහ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පවත්නා ආරක්ෂක වාතාවරණය පිළිබඳව කළ විමසීමකදී මාතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළා. 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top