ඓතිහාසික දෙවුන්දර දේවාල පෙරහර හෙට ඇරඹෙයි.. පෙරහරට පොලිස් නිලධාරීන් 500ක රැකවලක්..
ඓතිහාසික දෙවුන්දර දේවාලයේ පෙරහර හෙට (23) පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත්, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කංජිපානි ඉම්රාන්' ලෙස පෙනී සිටින අයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'දෙහිබාලේ මල්ලී' නමැත්තා අතර සිදුවූ බව කියන තර්ජනාත්මක හඬපට කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි ලෙස සංසරණය වෙමින් පවතිනවා.
මෙවැනි පසුබිමක් තුළ තමන්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳව මෙන්ම හෙට ඇරඹෙන පෙරහree ආරක්ෂාව වෙනුවෙන් දෙවුන්දර සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තිළින මධුසංඛ විසින් මාතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙරහර පැවැත්වෙන කාල සීමාව තුළ බැතිමතුන්ගේ සහ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පවත්නා ආරක්ෂක වාතාවරණය පිළිබඳව කළ විමසීමකදී මාතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළා.