ලක්ෂ ගණනින් නෙවෙයි කෝටි ගණනින්.. මහනුවරදී පොලිස් භාරයට ගත් මහා රත්‍රං සහ මුදල් තොගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
රත්‍රං සහ මුදල් තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝග්‍රෑම් 04ක් සහ රුපියල් මිලියන 17කට ආසන්න මුදලක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළා.
මහනුවර - වත්තේගම, මඩවල නගරයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රියව සිදුකරගෙන යනු ලබනවා.