සෙල්ෆියක් නිසා සිදුවූ නොසිතූ ඛේදවාචකය.. නකල්ස්වත්තේදී පාසල් සිසුන් දෙදෙනෙකුට අත්වූ ශෝකජනක ඉරණම..
"සෙල්ෆි" ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කළ පාසල් සිසුන් දෙදෙනෙකු බෑවුමකින් ඇද වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තෙල්දෙණිය - පන්විල, නකල්ස්වත්ත ප්‍රදේශයේ පිහිටි දිය ඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව මියගිය බව පොලිසිය ප්‍රකාශ කළා.
අදාළ ස්ථානයට සිසුන් පස් දෙනෙකු ගොස් ඇති අතර, ඔවුන් අතරින් අවුරුදු 13 සහ 14 වයස්වල පසුවූ දෙදෙනෙකු මෙලෙස බෑවුමෙන් පහළට ඇද වැටී ඇති බව පොලිසිය සඳහන් කළා.
මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.