වාරකන් කාලය ඉවර වුණත් මාළු නෑ.. පෑලියගොඩින් වාර්තා වූ අලුත්ම තත්ත්වය මෙන්න...
Wednesday, 22 July 2026 - 9:30 | Views - 34

වාරකන් කාලය නිමවී තිබුණත් මුහුදේ මාළු අස්වැන්න නොමැතිවීමෙන් ඉතිහාසයේ කිසි දිනක වාර්තා නොවූ පරිදි සාලයා, හුරුල්ලාගේ සිට සියලුම මාළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි ප්‍රකාශ කළා.
ඉන්දීය ධීවරයන් ට්‍රෝලිං යාත්‍රා මගින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල මසුන් ඇල්ලීම නිසා මාළු පැටවුන් විනාශ වී යාමත්, මාළුවන් බෝ කිරීමට වගකිවයුතු ආයතන ක්‍රියා නොකිරීමත් හේතුවෙන් රට වටා මුහුදේ බරපතළ ලෙස මාළු හිඟයක් ඇති වී තිබෙනවා.
මේ වන විට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයට එන මාළු ප්‍රමාණය විශාල ලෙස අඩුවී ඇති අතර, දකුණු මුහුදු තීරයෙන් ලැබෙන මාළු නොවන්නට දැනට පවතින මිල දෙගුණයකින් වැඩි වන බව සභාපතිවරයා සඳහන් කLAa
මාළු මිල ගණන් අධික ලෙස ඉහළ යාම හේතුවෙන් සිල්ලර වෙළෙඳුන් මාළු මිලදී ගැනීමට නොපැමිණෙන අතර, සාමාන්‍ය ජනතාවට සාලයා, හුරුල්ලා වැනි මාළු වර්ගයක්වත් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
සාලයා රුපියල්. 1200, හුරුල්ලා රුපියල් 1500, ලින්නා රුපියල් 900, පරව් රුපියල් 1000, බලයා (පොඩි) රුපියල් 1000, බලයා (ලොකු) රුපියල් 1300, තලපත් රුපියල් 2500, කොප්පරා රුපියල් 3000, දැල්ලා (පොඩි) රුපියල් 1300, දැල්ලා (ලොකු) රුපියල් 2000, කුම්බලා රුපියල් 1300, හැදැල්ලා රුපියල් 1800, තෝරා රුපියල් 3300 ලෙස පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ මාළු මිල ගණන් සටහන්ව තිබුණා.
Share This Article