ඇසූවන් මවිත වී යන විවාහයක්.. ගෙඹි යුවල පෙරහරින් ගම පුරා සවාරියක..
Tuesday, 21 July 2026 - 18:33 | Views - 117
වැසි පතා සාම්ප්‍රදායික චාරිත්‍රයක්.. ගම්වාසීන් විසින් පවත්වන ලද ගෙඹි විවාහයක් ගැන මේ ඇසෙන්නේ ඉන්දියාවෙන්.. 

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අනන්තපූර් දිස්ත්‍රික්කයේ පවතින දැඩි වියළි කාලගුණය සහ අධික රශ්මිය හමුවේ සිය වගාවන් බේරාගැනීම සඳහා වැසි ප්‍රාර්ථනා කරමින් බොරම්පල්ලි ගම්මානයේ ජනතාව විසින් සියවස් ගණනාවක් පැරණි සාම්ප්‍රදායික ගෙඹි විවාහයක් පවත්වා තිබෙනවා.

​වර්ෂාව ලබාගැනීම සඳහා වරුණ දෙවියන් උදෙසා සිදුකරනු ලබන මෙම පැරණි විශ්වාසයට අනුව, ගම්වාසීන් විසින් අසල ඇති පොකුණකින් ගෙම්බන් දෙදෙනෙකු අල්ලා කහ සහ කුංකුම ගා අලංකාර කර, වැඩිහිටියන්ගේ මූලිකත්වයෙන් සම්ප්‍රදායානුකූලව "විවාහ කරදීමේ" චාරිත්‍රය ඉටුකර ඇති බව සඳහන්.

​අනතුරුව අදාළ ගෙම්බන් යුවළ කූඩයක තබා පෙරහැරකින් ගම්මානයේ වීථි පුරා ගෙන ගොස් ඇති අතර, එහිදී ගම්වාසීන් විසින් ජලය වත් කරමින් වැසි ලබාදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටින අයුරු දක්නට ලැබුණා.

අඛණ්ඩව මාසයකට ආසන්න කාලයක් වැසි නොමැති වීමෙන් පසෙහි තෙතමනය සිඳී ගොස් වගාවන් විනාශවීමේ තර්ජනයට ලක්ව ඇති බැවින් මෙම සාම්ප්‍රදායික චාරිත්‍රය ඉටුකළ බව ගොවීන් පවසන්නේ.

​මෙම චාරිත්‍රය පුරාවට ගෙම්ඹන් දෙදෙනාට කිසිදු හානියක් සිදුනොවන සේ සුරක්ෂිතව තබාගෙන ඇති අතර, සියලු චාරිත්‍ර අවසානයේ උන් නැවතත් ස්වාභාවික පරිසරයට නිදහස් කිරීමට ගම්වාසීන් කටයුතු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top