"සම්මාන ලැබුණත් රැකියාව අතහරින්නේ නෑ.." සාහිත්‍ය ලෝකය හොල්ලපු චීන ආහාර බෙදාහරින්නාගේ කතාව මෙන්න...
Monday, 20 July 2026 - 15:26 | Views - 40
ආහාර බෙදාහැරීමේ නිරත වන අතරතුර කුඩා කොළ කැබලිවල ලියන ලද කවි එකතුවක් වෙනුවෙන්, 56 හැවිරිදි චීන ජාතික වං ජිබිං චීනයේ ඉහළම සාහිත්‍ය සම්මානයක් වන 'ලූ ෂුන් සාහිත්‍ය සම්මානය' දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ආහාර බෙදාහරින්නන් මුහුණ දෙන එදිනෙදා අභියෝග සහ අත්දැකීම් පදනම් කරගනිමින් ඔහු විසින් රචනා කර තිබෙන 'Low Flight' නමැති කවි එකතුව සඳහා මෙම සම්මානය හිමිවී තිබෙනවා.

2019 වසරේදී ආහාර බෙදාහැරීමේ රියදුරෙකු ලෙස සේවයට එක්වූ වං, වසර ගණනාවක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සිය කවි සහ නිර්මාණ ප්‍රසිද්ධ කරමින් ජනප්‍රියතාවට පත්ව සිටියා.

2024 දී ප්‍රකාශයට පත් කළ මෙම කවි එකතුව සකස් කිරීම සඳහා ඔහු ආහාර බෙදාහැරීමේ නිරත රියදුරන් 200කගේ පමණ අත්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා ඇසුරු කරගෙන තිබෙනවා.

ජියැංසු (Jiangsu) පළාතේ උපත ලැබූ වං, පවුලේ ආර්ථික දුෂ්කරතා නිසා කුඩා අවධියේදීම අධ්‍යාපනය අතහැර දමා විවිධ අනුරූප රැකියා රැසක නිරත වීමෙන් අනතුරුව ඔහු මෙම ක්ෂේත්‍රයට යොමු වී තිබෙනවා.

2019 දී පාරිභෝගිකයෙකු දුන් වැරදි ලිපිනයක් නිසා මුහුණ දුන් අත්දැකීමක් ඇසුරින් ඔහු ලියූ 'Man in a Hurry' නමැති කව්‍යය 2022 වසරේදී අන්තර්ජාලය තුළ දැඩි ලෙස ජනප්‍රිය වූ අතර, 2023 දී ඔහු එම නමින්ම සිය පළමු කවි පොත ද ප්‍රකාශයට පත් කළා.

මෙම කීර්තිමත් සාහිත්‍ය සම්මානය හිමිවුවද සිය රැකියාවෙන් ඉවත් වීමේ අදහසක් නොමැති බව පවසන වං ජිබිං, වයස අවුරුදු 60 වන තෙක්ම ආහාර බෙදාහැරීමේ රැකියාවේ නිරත වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබෙනවා.

මෙම රැකියාව තමන්ව ශාරීරිකව සෞඛ්‍ය සම්පන්නව තබන බවත්, සරල සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට එය උපකාරී වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top