ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභයි.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්...
මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ පෙත්සම දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව, එය විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දීමට පියවර ගත්තා.