අධික උණුසුමෙන් පරිස්සම් වෙන්න... දිස්ත්‍රික්ක 5ක ජනතාවට සෞඛ්‍ය අංශවලින් රතු එළියක්...
Monday, 20 July 2026 - 11:27 | Views - 36
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහජනතාව සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම අතිශය වැදගත් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

නැගෙනහිර පළාත ඇතුළුව දිස්ත්‍රික්ක පහක් සඳහා අද (20) දිනට බලපැවැත්වෙන පරිදි මෙම විශේෂ අවවාදාත්මක නිවේදනය නිකුත් කිරීමට ස්වභාවික විපත් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පියවර ගත්තා.

මෙම අවවාදාත්මක නිවේදනයට අනුව නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කවලට අමතරව කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොලොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා ද දැඩි උණුසුම් කාලගුණයක් පවතිනවා.

දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ඇතැම් ස්ථානවල "අවධානය යොමු කළ යුතු" මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අධික උණුසුම හේතුවෙන් විජලනය, සිරුර අධික ලෙස වෙහෙසට පත්වීම සහ වෙනත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතිනවා. එම නිසා මහජනතාව මේ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම දිගු වේලාවක් සූර්යාලෝකයට සෘජුව නිරාවරණය වීමෙන් වැළකී සිටීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ දිනයේ වැඩිම උණුසුමක් පවතින වේලාවන්හිදී වෙහෙසකර එළිමහන් කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස සෞඛ්‍ය හා කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top