හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සමුගනියි.. පූර්ණ රාජ්‍ය හා පොලිස් ගෞරව සහිතව අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී...
Monday, 20 July 2026 - 10:30 | Views - 44
වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව අද (20) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

දේහය මහජන ගෞරව සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

හිටපු පොලිස්පතිවරයා පසුගිය සිකුරාදා මාලඹේ තලාහේනේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදීමකට ලක්ව ජීවිතක්ෂයට පත් වුණා. පෞද්ගලික හේතුවක් මත සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවි හානි කරගෙන ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක වෙනවා.

කෙසේවෙතත්, තැන්පත් කර තිබූ හිටපු පොලිස්පතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම වත්මන් රජයේ මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයින් රැසක් පැමිණ සිටියා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top