දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී බස් රථයක් හදිසියේ ගිනිබත් වෙයි.. කොට්ටාව සිට ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවල දැඩි වාහන තදබදයක්...
Sunday, 19 July 2026 - 21:51 | Views - 94
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැක්ම යන ප්‍රදේශ අතරතුරදී මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

අද (19) සවස සිදු වූ මෙම අනපේක්ෂිත ගිනි ගැනීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

ගින්න හටගත් අවස්ථාවේදී බස් රථය තුළ සිටි මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ ගින්න නිවීම සඳහා අදාළ අංශ කඩිනම් පියවර ගත්තා. මෙම අනතුර හේතුවෙන් එම මාර්ග කොටස භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද බලධාරීන් දැනුම් දුන් බව අප වාර්තාකරු සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top