මාතර වැල්ලමඩමදී ඩිෆෙන්ඩරයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටෙයි.. රියදුරු ජීවිතක්ෂයට.. තවත් 6 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලට..
Sunday, 19 July 2026 - 20:31 | Views - 83
මාතර, වැල්ලමඩම ප්‍රදේශයේදී අද (19) සවස සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් හය දෙනෙකු (06) බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

දෙවුන්දර සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැටවූ ලොරි රථයක් සහ මාතර දෙස සිට දෙවුන්දර දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය තුළ පුද්ගලයින් 07 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩිෆෙන්ඩර් රථය පදවාගෙන පැමිණි රියදුරු වන අතර, තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් හය දෙනා වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top