දිවයිනේ රිය අනතුරුවලින් පුද්ගල මරණ 1,500 ක්.. රියදුරු බලපත්‍ර නොමැති අයට වාහන දීමත් වරදක් බව පොලිසිය දැනුම් දෙයි..
Sunday, 19 July 2026 - 15:53 | Views - 34
වසරේ මේ දක්වා රියඅනතුරුවලින් පුද්ගලයින් 1,500 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පවසනවා.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීම මෙන්ම එවැනි පුද්ගලයෙකුට වාහනයක් ලබා දීමද දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.
Share This Article