ගම්පොළ වෛද්‍යවරයකු පිළිකා රෝගී කතකට පහර දීලා.. අද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.
Sunday, 19 July 2026 - 14:51 | Views - 33
ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් සැත්කමකට භාජනය වූ පිළිකා රෝගී කාන්තාවකට පහර දී ඇති බවත් පහර කෑ කාන්තාව කුරුඳුවත්ත රෝහලට ඇතුළත් කර ඇති බවත් කුරුදුවත්ත පොලිසිය පවසනවා.

පහර කෑ කාන්තාව අධි රුධිර පීඩන මෙන්ම දියවැඩියා රෝගයෙන් පෙළෙන තැනැතියක් බවද පොලිසිය පැවසුවා.

මෙම පහර දීමේ සිද්ධියට වෛද්‍යවරයාගේ බිරිඳ නැන්දම්මා හා දුවද සම්බන්ධ බව වීඩියෝ දර්ශනවලින් පැහැදිලිව පෙනෙන බවද පොලිසිය සඳහන් කරනවා.

එම කාන්තාව කුරුඳුවත්ත නගරයේ කිරිහලක් පවත්වාගෙන යමින් සිට තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා කලක් කුරුඳුවත්ත රෝහලේ වැඩ බලන ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

එහිදී ස්ථිර ස්ථාන භාර වෛද්‍යවරයා සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර පසුව මෙම වෛද්‍යවරයා ගම්පොළ රෝහලට මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන පසුවත් කුරුදුවත්ත ප්‍රදේශය පවත්වාගෙන යනු ලබන පුද්ගලික වෛද්‍ය සේවාවන් පිළිබඳව එම වෛද්‍යවරුන් දෙදෙනා අතර ආරවුලක් හටගෙන තිබූ බවද පැවසෙනවා.

මේ අතර කුරුඳුවත්ත ස්ථාන භාර වෛද්‍යවරයා හා ඔහුගේ බිරිඳ පහර කෑමට ලක් වූ කාන්තාවගේ කිරිහලට ඊයේ (18) උදෑසන ගොස් ඇත්තේ තේ බීම සඳහායි.

එහිදී මෙම වෙළෙඳසල අසල ඇති අනෙක් වෛද්‍යවරයාගේ නිවසේ සිටි බිරිඳ නැන්දම්මා හා දුව එක්ව මෙම වෛද්‍යවරයාට හා ඔහුගේ බිරිඳට හූ කියා අපහාස කර තිබෙන අතර ඒ බවද වීඩියෝවක දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

ඉන්පසුව ගම්පොළ රෝහලේ සේවය කරමින් සිටි සැකකාර වෛද්‍යවරයා ඔහුගේ මෝටර් රථයෙන් පැමිණ කිරිහලේ කාන්තාව සමග ආරවුලක් ඇති කරගෙන ඇත්තේ ඔහුගේ බිරිඳ හා නැන්දම්මාද එක් කර ගනිමින්.

එම ආරවුලද වීඩියෝවක සටහන්ව ඇති අතර එහිදී පිළිකා රෝගී කාන්තාවට පහර දුන් බව කියමින් ඇය රෝහල් ගත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ තිබෙන අතර කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති නන්දන බණ්ඩාර සඳහන් කළේ සැකකාර වෛද්‍යවරයා අද (19) දින ගම්පොළ රෝහලේ සේවය කරන බවත් එම සේවයෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top