අමෙරිකානු සැමියාගෙන් මල් කැකුළු දෙකක් පැහැරගෙන බ්‍රිතාන්‍යයේ සැඟවිලා.. ශ්‍රී ලාංකික කතක් සෙවීමට බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් නියෝග..
Sunday, 19 July 2026 - 14:38 | Views - 54
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තේ ව්‍යාපාරික පරපුරකට නෑකම් කියන, බ්‍රිතාන්‍යයේ පදිංචි 34 හැවිරිදි නිෂිකා සමරතුංග නමැති කාන්තාවක්, තම අමෙරිකානු ජාතික හිටපු සැමියාගෙන් සිය කුඩා සිසුන් දෙදෙනා පැහැරගෙන මාස තුනකට වැඩි කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යය තුළ සැඟව සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය විසින් සඟවාගෙන සිටින වයස අවුරුදු 5ක් වන බ්ලේන් බේයර් (Blaine Baier) සහ වයස අවුරුදු 3ක් වන නැතනියෙල් බේයර් (Nathaniel Baier) යන සිසුන් දෙදෙනා සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය මහාධිකරණය විසින් මෙම සිදුවීමේ තොරතුරු මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කිරීමට අවසර ලබා දී තිබෙනවා.

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නුවර සිය පියා වන බෙන් බේයර් (43) භාරයේ හැදී වැඩුණු මෙම සිසුන් දෙදෙනා, මව්පියන්ගේ දික්කසාදයෙන් පසු අධිකරණ නියෝගයක් මත පසුගිය මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ සිටින සිය මව බැලීමට පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, නියමිත පරිදි පසුගිය මාර්තු 29 වැනිදා බ්‍රිතාන්‍ය ගුවන් තොටුපළකදී සිසුන්ව නැවත පියා වෙත භාරදීමට නිෂිකා සමරතුංග කටයුතු කර නොමැති අතර, එතැන් පටන් ඇය සිසුන් සමඟ අතුරුදන් බවයි වාර්තා වන්නේ.

මෙම සිසුන් දෙදෙනාම ඔටිසම් (Autism) තත්ත්වයෙන් පෙළෙන බැවින්, ඔවුන්ගේ දෛනික චර්යාවන් මෙලෙස හදිසියේ වෙනස් වීම සහ අධ්‍යාපන මෙන්ම වෛද්‍ය අවශ්‍යතා නිසි ලෙස ඉටු නොවීම හේතුවෙන් ඔවුන් දැඩි අවදානමකට ලක්ව ඇති බවයි පියා පවසන්නේ.

මෙම සිසුන් සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය මහාධිකරණය විසින් JP Morgan Chase, HSBC, Thames Water සහ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය (NHS) වැනි ප්‍රධාන ආයතන වෙත නිෂිකාගේ තොරතුරු සොයා බැලීමට නියෝග නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, අමෙරිකාවේ කොලරාඩෝ අධිකරණය ද සිසුන්ට පවතින ක්ෂණික අනතුර සලකා ඔවුන්ව වහාම ආරක්ෂක අංශ භාරයට ගැනීමට බලය පවරා තිබෙනවා.

මව විසින් සැලසුම් සහගතව මෙම පැහැරගැනීම සිදුකර ඇති බවත්, එමඟින් සිසුන් ශාරීරික හා මානසික වශයෙන් අනතුරට ලක්ව ඇති බවත් අමෙරිකානු විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණා.

නිෂිකා සමරතුංග නමැත්තිය 1950 දශකයේ ඇගේ මුත්තණුවන් විසින් ගොඩ නගන ලද, සෞඛ්‍ය, බලශක්ති, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍ර නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක අධ්‍යක්ෂවරියක්.

කොළඹ ප්‍රදේශයේ හැදී වැඩුණු ඇය, යොවුන් වියේදී විලාසිතා නිර්මාණකාරිනියක ලෙස කටයුතු කළ අතර පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් (UCL) නීතිවේදී උපාධියක් සහ ඩර්හැම් විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගෙන තිබෙනවා.

පසුව ඇය 'Baier Associates' නමැති ගෝලීය උපදේශන ආයතනයක් ආරම්භ කළ අතර, එය පසුගිය වසරේ 'Jensen Partners' සමාගම විසින් අත්පත් කර ගැනීමෙන් පසු ඇය එහි කළමනාකාර අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරමින් සිටියා.

මුලාශ්‍රය : ද ටෙලිග්‍රාෆ්ට්
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top