හොලිවුඩයම කැළඹූ නිල නිවේදනය.. රහසින් විවාහ වූ Tom Holland සහ Zendaya පළමු වරට කැමරා ඉස්සරහට ආපු හැටි මෙන්න.
Friday, 19 June 2026 - 11:25 | Views - 218
ලොව පුරා මිලියන ගණනක් රසිකයින් පිස්සු වැට්ටූ හොලිවුඩයේ සුපිරිම මෙන්ම ආදරණීයම යුවළක් වන Tom Holland සහ Zendaya ගැන මුළු ලෝකයම කතා වෙන උණුසුම්ම පුවතක් විදෙස් මාධ්යවලින් වාර්තා වනවා.
 
ඒ මේ වසරේ මුල් භාගයේදී කාටත් හොරෙන් රහසිගතව විවාහ වුණු මොවුන් දෙදෙනා, විවාහයෙන් පස්සේ පළමු වතාවට එකට ප්රසිද්ධ මාධ්ය හමුවක් සඳහා කරළියට පැමිණීම නිසයි.

ලොව පුරා අතිශය ජනප්රිය "Spider-Man" චිත්රපට මාලාවේ අලුත්ම සිනමාපටය වන "Spider-Man: Brand New Day" එළැඹෙන ජූලි 31 වනදා තිරගත වීමට නියමිතයි.

මෙහි ප්රචාරක කටයුතු (Promotions) සඳහා ලොව වටා යන චාරිකාව අතරතුරදීයි මේ අලුත් අඹුසැමියන් යුවළ එකට දකින්න ලැබෙන්නේ.

කසාද බැන්ඳට පස්සේ මාධ්යවලින් වසන් වෙලා රහසිගත ජීවිතයක් ගත කරපු නිසා, ඔවුන්ගේ මඟුල් පින්තූර දකින්න නැතිව දුක් වුණු රසිකයින්ට මේක ලොකු සැනසීමක් වෙලා තිබෙනවා.

මෙවර ප්රචාරක චාරිකාවේදී මොවුන් දෙදෙනා එකම වර්ණයේ ඇඳුම් නොඇන්දත්, එකිනෙකාට ගැළපෙන පරිදි ඉතා ආකර්ෂණීය ලෙස විලාසිතා ගැලපීම (Style coordination) කර තිබීම කැපී පෙනෙනවා.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී: සෙන්දයා 'Christian Cowan' සන්නාමයේ (Brand) මාරක විලාසිතාවකින් සැරසී සිටි අතර, ටොම් හොලන්ඩ් 'Prada' සන්නාමයේ සුපිරි ඇඳුමකින් සැරසී සිටියා.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවරදී: ටොම් හොලන්ඩ් 'Thom Browne' සූට් එකකින්ද, සෙන්දයා 'Louis Vuitton' සහ 'Alexander McQueen' යන ලෝක ප්රකට සන්නාමයන්ගේ නවීනතම ඇඳුම්වලින් සැරසී රසිකයන් මවිත කිරීමට සමත් වුණා.


මීට පෙර 2017 වසරේදී "Spider-Man: Homecoming" චිත්රපටයේ ප්රචාරක චාරිකාව අතරතුරදී ද මොවුන් දෙදෙනා අතර ගොඩනැගෙමින් පැවති ආදර සබඳතාවය ලොව පුරා දැඩි අවධානයට ලක් වුණා.

එදා ඉඳන් අද වෙනකම් තමන්ගේ ආදරය ලස්සනට රැකගෙන, දැන් විවාහක යුවළක් විදිහට කරළියට ඇවිත් ඉන්න මේ දෙන්නාගේ පින්තූර අන්තර්ජාලය පුරා ලැව්ගින්නක් වගේ Share වෙමින් පවතිනවා.

ඉදිරි දිනවලදීත් ඔවුන් තවත් බෝම්බ වගේ විලාසිතා රැසකින් සැරසී කරළියට පැමිණෙනු ඇතැයි ක්ෂේත්රයේ විචාරකයෝ බලාපොරොත්තු වෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top