මාරාන්තික ඉබෝලා වෛරසය යළිත් හිස ඔසවයි. සෞඛ්‍ය අංශවල දැඩි අවදානය කොංගෝවට..
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ මේ වනවිට අලුතින් පැතිර යන මාරාන්තික ඉබෝලා (Ebola) වසංගත තත්ත්වයෙන් පුද්ගලයන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් එම පළාත තුළ හදිසි වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අප්‍රිකාවේ සෞඛ්‍ය ඒජන්සිය පියවර ගෙන තිබෙනවා.
අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Africa CDC) සඳහන් කරන පරිදි, ප්‍රධාන වශයෙන් මොන්ග්වාලු (Mongwalu) හා රවම්පාරා (Rwampara) යන ප්‍රදේශවලින් රෝගීන් 246ක් වාර්තා වී තිබෙනවා.
මියගිය පිරිස අතරින් සිව්දෙනෙකුම රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කරන ලද රෝගීන් බව එම මධ්‍යස්ථානය පෙන්වා දුන්නා.
එමෙන්ම ඉටුරි පළාත් අගනුවර වන බුනියා (Bunia) වෙතින් ද සැක සහිත රෝගීන් රැසක් වාර්තා වී ඇති අතර ඒවායේ රසායනාගාර තහවුරු කිරීම් තවමත් ලැබෙමින් පවතිනවා.
පවතින බරපතළ තත්ත්වය හමුවේ වසංගත මර්දන කටයුතු හා දේශසීමා නිරීක්ෂණ පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීම සඳහා කොංගෝව, උගන්ඩාව, දකුණු සුඩානය හා අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් සමග විශේෂ සාකච්ඡාවක් කැඳවීමට අප්‍රිකානු රෝග පාලන මධ්‍යස්ථානය කටයුතු කළා.
කොංගෝ සෞඛ්‍ය අමාත්‍යාංශය කළ මූලික පරීක්ෂණවලදී, විශ්ලේෂණය කරන ලද සාම්පල 20කින් 13කම වෛරසය පවතින බව හඳුනාගෙන තිබෙනවා.
1976 වසරේදී වර්තමාන කොංගෝ රාජ්‍යයෙන් ප්‍රථම වරට හඳුනාගත් ඉබෝලා වෛරසය, වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූවක් බව විශ්වාස කෙරෙනවා. මෙය ශරීර තරල සමග සෘජුව සම්බන්ධ වීමෙන් බෝවන මාරාන්තික වෛරස් රෝගයකි.
මෙහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ, මාංශ පේශි වේදනාව, අධික තෙහෙට්ටුව, හිසරදය හා උගුරේ අමාරුව ඇති විය හැකියි.
ශරීරය අභ්‍යන්තරයේ අධික රුධිර වහනයක් සිදු කරමින් ශරීරයේ ඉන්ද්‍රියයන් අක්‍රිය කිරීමට මේ වෛරසය සමත්වුණා.
ඉබෝලා රෝගය සඳහා මෙතෙක් ස්ථිර සුවයක් සොයාගෙන නොමැති අතර, පසුගිය වසර 50ක කාලය තුළ අප්‍රිකානු රටවල් කිහිපයක පුද්ගලයන් 50,000ක් පමණ මෙම වෛරසය හේතුවෙන් මියගොස් තිබෙනවා.
කොංගෝවේ දරුණුතම ඉබෝලා ව්‍යාප්තිය 2018 - 2020 කාලයේදී වාර්තා වූ අතර එහිදී පුද්ගලයන් 2,300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව සෞඛ්‍ය අංශ අවධාරණය කළා.