ලංකාවේ ඇස්වලින් ලෝකයටම ආලෝකයක්.. ජාතික අක්ෂි බැංකුවෙන් ඇසෙන සතුටුදායක පුවතක් මෙන්න..
Friday, 08 May 2026 - 9:23 | Views - 214
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක් (84%) වැනි විශාල පිරිසක් ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇතිබව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අනාවරණය කරලා තිබෙනවා.

ජාතික අක්ෂි බැංකුවට වසර 15ක් පිරීම නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

ජාතික අක්ෂි බැංකුව පිහිටුවීමෙන් පසු මේ දක්වා කාලය තුළ කුණීත (ඇස්වල විනිවිද පටල) 17,000කට වඩා එකතු කර ගැනීමට පියවරගෙන තිබෙනවා.

ඉන් කුණීත 12,000ක් පමණ රෝගීන්ට සාර්ථකව බද්ධ කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බව වාර්තා කළා.

මේ පහසුකම දිවයිනේ සෙසු රෝහල් වෙතද ව්‍යාප්ත කිරීමට මේ වනවිට සැලසුම් කර ඇතිබව වෛද්‍යවරයා පෙන්වාදී තිබෙනවා.

ශ්‍රී ලංකාව ලබා ඇති මේ සුවිශේෂී ප්‍රගතිය නිසා විදේශ රටවල් කළ ඉල්ලීම්වලට අනුව කුණීත 4,000ත් 4,500ත් අතර ප්‍රමාණයක් එම රටවලට ප්‍රදානය කිරීමටද කටයුතු කරලා තිබෙනවා.

ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලාංකිකයින් ඇස් දන්දීම සඳහා දක්වන උනන්දුව ඉතා ඉහළ මට්ටමක පවතින බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අවධාරණය කළා.

දැනට ජාතික අක්ෂි රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය, අනුරාධපුර හා යාපනය යන රෝහල්වල මේ කුණීත බද්ධ කිරීම් සාර්ථකව සිදුකරමින් පවතින බව වාර්තා කළා.

මෙය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසද හඳුන්වාදී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top