ශකීරා යළිත් පාපන්දු ලෝක කුසලාන පිටියට.. මෙවර ඇය ගායනා කරන අලුත්ම සින්දුව මෙන්න.
Saturday, 09 May 2026 - 16:30 | Views - 141
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාව යන රටවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නිල තේමා ගීතය ගැයීමේ වාසනාව හිමිකරගෙන තිබෙනවා.

'Waka Waka' ගීතයෙන් මුළු ලොවම පිනවූ ඇයගේ මේ නැවත පැමිණීම ගැන ක්‍රීඩා ලෝලීන් දැඩි උද්යෝගයකින් පසුවන බව වාර්තා කළා.

ශකීරා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා බ්‍රසීලයේ මාරකානා (Maracana) ක්‍රීඩාංගණයේ සිට විනාඩියක වීඩියෝවක් එක් කරමින් මේ සුබ පුවත රසිකයන්ට දන්වා තිබෙනවා.

මෙවර ඇය සමඟ නයිජීරියානු ගායක Bua Boy ද එක්වන අතර, "Dai Dai" ලෙස නම්කර ඇති මේ නිල ගීතය එළඹෙන මැයි 14 වැනිදා ලොව පුරා නිල වශයෙන් නිකුත්කරන බව වාර්තා කළා.

ශකීරා ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් නිල ගීතයක් ගායනා කරන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර ඇය 2010 දකුණු අප්‍රිකානු ලෝක කුසලානයේ 'Waka Waka' ගීතය ගායනා කර තිබෙනවා.

මීට අමතරව ඇය 2014 බ්‍රසීල ලෝක කුසලානය වෙනුවෙන් 'La La La' ගීතය ඉදිරිපත් කළ අතර, රියෝ ද ජැනයිරෝහි පැවති එහි සමාප්ති උළෙලේදී ඇය එය ගායනා කළා.

එසේම ඇය 2006 වසරේ ජර්මනියේ පැවති ලෝක කුසලාන සමාප්ති උළෙලේදී ද 'Hips Don't Lie' ගීතය ගායනා කළා

වසර ගණනාවකට පසු ශකීරා යළිත් පාපන්දු ලෝක කුසලානයක් වර්ණවත් කිරීමට එක්වීම සුවිශේෂී සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top