කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්.. ජල සම්පාදන මණ්ඩලයෙන් නිවේදනයක්..
Sunday, 10 May 2026 - 9:39 | Views - 72
අඹතලේ සිට කඩුවෙල දක්වා ජලය රැගෙන යන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගත් බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරලා තිබෙනවා.

මේ හදිසි නඩත්තු කටයුත්ත හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට කල්තියා සූදානම්වන ලෙස එම මණ්ඩලය දැනුම් කළා.

ජලසම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයට අනුව, අද (09) පස්වරු 7.30 සිට හෙට (10) පස්වරු 1.00 දක්වා පැය 17ක පමණ කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කරලා තිබෙනවා.

නඩත්තු කටයුතු අවසන් වූ වහාම ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව එම මණ්ඩලය අවධාරණය කළා.

මේ හදිසි ජල කප්පාදුව හේතුවෙන් කඩුවෙල, කොතලාවල, වැලිවිට, හේවාගම, කොරතොට, බෝමිරිය, නවගමුව, රණාල හා කහන්තොට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව වාර්තා කළා.

බිඳවැටුණු ජල නළය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත්, ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කනගාටුව පළකරන බවත් ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top