ඩෙංගු මාරයා යළිත් හිස ඔසවයි! දිස්ත්‍රික්ක 3කට තදින්ම බලපාන අධි අවදානම මෙන්න.
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් පුද්ගල මරණ 12ක් වාර්තාවී ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරලා තිබෙනවා.
මේ වනවිට දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණයත් සමඟ රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බව එම ඒකකය පෙන්වාදී තිබෙනවා.
මියගිය පුද්ගලයන් 12දෙනා අතර දරුවන් දෙදෙනෙකුද සිටි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර සඳහන් කළා.
මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 24,601 දෙනෙකු වාර්තාවී ඇතිබව ඇය තහවුරු කළා.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර රෝගීන් බහුතරයක් කොළඹ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය, රත්නපුරය, ගම්පහ, ගාල්ල සහ මාතර ප්‍රදේශවලින් වාර්තාවෙලා තිබෙනවා.
විශේෂයෙන්ම රත්නපුර, කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අධි අවදානමක් පවතින බවට වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබෙනවා.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් දිවයින පුරා සිදුකළ කීට විද්‍යා සමීක්ෂණවලදී මදුරුවන් බෝවීමේ ඉහළ ප්‍රවණතාවක් හඳුනාගෙන තිබෙනවා.
පාසල්, වැඩබිම්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම නිවාස පරිශ්‍රද පිරිසිදුව තබා ගැනීමට ජනතාව උනන්දු වියයුතු බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළා.
දිගින් දිගටම වැසි ඇති වුවහොත් රට පුරා රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සමීක්ෂණ මඟින් තහවුරු කරලා තිබෙනවා.
එම නිසා දින දෙකකට වඩා උණ පවතී නම්, හිසරදය හා ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇත්නම් ප්‍රමාද නොවී වහාම ආසන්නතම රජයේ රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබෙනවා.