දැන් ඕනම දෙයක් 3D විදිහට Print කරන්න පුළුවන්ද? ලොවක් මවිතකළ විස්මිත සොයාගැනීම.
Monday, 20 April 2026 - 14:45 | Views - 297
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක් කරමින්, 3D මුද්‍රණ තාක්ෂණය (3D Printing) භාවිතයෙන් මිනිස් පෙනීම යථාතත්ත්වයට පත්කළ හැකි කෘතිම අක්ෂි කාචයක් (Cornea) සාර්ථකව නිපදවීමට දකුණු කොරියානු විද්‍යාඥයන් පිරිසක් සමත්වෙලා තිබෙනවා.

පෝහන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (Pohang University of Science and Technology) හා කියුන්ග්පුක් ජාතික විශ්වවිද්‍යාලයේ (Kyungpook National University) පර්යේෂකයන් එක්ව සිදුකළ මේ සොයාගැනීම වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.

මෙහි ඇති සුවිශේෂත්වය නම් මිනිස් සිරුරේ සෛල හා ප්‍රාථමික සෛල (Stem cells) යොදාගනිමින් සකස්කළ විශේෂිත "Bioink" වර්ගයක් මගින් මේ අක්ෂි කාචය මුද්‍රණය කරලා තිබෙනවා.

මීට පෙර සිදුකළ බොහෝ උත්සාහයන් අසාර්ථක වුවත්, මේ නව තාක්ෂණය හරහා ස්වභාවික අක්ෂි කාචයක පවතින විනිවිදභාවය හා නම්‍යශීලී බව ඒ ආකාරයෙන්ම ලබා දීමට පර්යේෂකයන් සමත්වෙලා තිබෙනවා.

ලොව පුරා අක්ෂි කාච බද්ධ කිරීමේදී පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ පටක පරිත්‍යාගශීලීන්ගේ හිඟයයි. නමුත් මෙම 3D මුද්‍රිත පටක නිර්මාණය කිරීමත් සමඟ එම ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

සැබෑ පටක වලට අතිශයින් සමාන නිසා ශරීරය විසින් මේ බද්ධකළ කොටස් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමද ඉතා අවම බව විද්‍යාඥයන් පවසනවා.

මේ ජෛව ඉංජිනේරුමය දියුණුව අනාගතයේදී පෙනීම අහිමි වූ බොහෝ දෙනෙකුට යළිත් ලෝකය දකින්නට ලැබෙන මහඟු අවස්ථාවක් වනු නොඅනුමානයි.

සටහන: අන්තර්ජාලය ඇසුරින්.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top