ඔබේ WhatsApp ගිණුමත් හදිසියේම අක්‍රිය වෙයිද? සැලකිලිමත් නොවුනොත් ඔබේ දත්ත අහිමි වී යාවි.
Tuesday, 28 April 2026 - 13:07 | Views - 309
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.

ඉතින් ඔබත් කලින්ම මේ ගැන දැනුවත්වෙන එක ඇත්තටම අතිශ්‍යය වැදගත්.

Meta සමාගමට අයත් WhatsApp ආයතනය විසින් මෑතකදී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, 2026 සැප්තැම්බර් 8 වනදා සිට Android 6.0වලට (Marshmallow) වඩා පැරණි මෙහෙයුම් පද්ධති සහිත ස්මාර්ට් දුරකථන සඳහා WhatsApp සහාය නතර කරන බවයි.

මින් ඉදිරියට WhatsApp භාවිතා කිරීමට නම් ඔබගේ දුරකථනය අවම වශයෙන් Android 6.0 හෝ ඊට ඉහළ සංස්කරණයකින් යුක්ත විය යුතුයි. මෙහි අර්ථය වන්නේ Android 5.0 සහ 5.1 (Lollipop) සංස්කරණ සහිත දුරකථනවලට එදිනෙන් පසු WhatsApp ක්‍රියා නොකරන බවයි.

නවීන විශේෂාංග (Features) හඳුන්වාදීමේදී අවශ්‍ය වන ඉහළ කාර්යසාධනය සහ ආරක්ෂාව සැපයීමට පැරණි මෙහෙයුම් පද්ධතිවලට නොහැකි වීම මෙයට ප්‍රධාන හේතුවයි.

කෙසේවෙතත්, ඉන්දියාව, බ්‍රසීලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල තවමත් පැරණි දුරකථන භාවිතා කරන විශාල පිරිසක් සිටින බැවින් මෙම තීරණය ඔවුන්ට සෘජුවම බලපානු ලබනවා.

ඔබ දැනට Android 5.0 හෝ 5.1 සංස්කරණය සහිත දුරකථනයක් භාවිතා කරන්නේ නම්, මෙම මෘදුකාංග යාවත්කාලීන කිරීම වැදගත් වන අතර, ඔබගේ දුරකථනයේ Settings වෙත ගොස් අලුත් update එකක් ඇත්දැයි පරීක්ෂා කර එය Android 6.0 දක්වා යාවත්කාලීන කරන්න.

කෙසේ වෙතත්, ඔබගේ දුරකථනය යාවත්කාලීන කළ නොහැකි නම්, සැප්තැම්බර් 8 වනදාට පෙර නවීන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් සහිත දුරකථනයකට මාරුවීමට සිදුවනු ඇතියි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top