ඔබේ WhatsApp ගිණුමත් හදිසියේම අක්‍රිය වෙයිද? සැලකිලිමත් නොවුනොත් ඔබේ දත්ත අහිමි වී යාවි.
Tuesday, 28 April 2026 - 13:07 | Views - 280
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.

ඉතින් ඔබත් කලින්ම මේ ගැන දැනුවත්වෙන එක ඇත්තටම අතිශ්‍යය වැදගත්.

Meta සමාගමට අයත් WhatsApp ආයතනය විසින් මෑතකදී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, 2026 සැප්තැම්බර් 8 වනදා සිට Android 6.0වලට (Marshmallow) වඩා පැරණි මෙහෙයුම් පද්ධති සහිත ස්මාර්ට් දුරකථන සඳහා WhatsApp සහාය නතර කරන බවයි.

මින් ඉදිරියට WhatsApp භාවිතා කිරීමට නම් ඔබගේ දුරකථනය අවම වශයෙන් Android 6.0 හෝ ඊට ඉහළ සංස්කරණයකින් යුක්ත විය යුතුයි. මෙහි අර්ථය වන්නේ Android 5.0 සහ 5.1 (Lollipop) සංස්කරණ සහිත දුරකථනවලට එදිනෙන් පසු WhatsApp ක්‍රියා නොකරන බවයි.

නවීන විශේෂාංග (Features) හඳුන්වාදීමේදී අවශ්‍ය වන ඉහළ කාර්යසාධනය සහ ආරක්ෂාව සැපයීමට පැරණි මෙහෙයුම් පද්ධතිවලට නොහැකි වීම මෙයට ප්‍රධාන හේතුවයි.

කෙසේවෙතත්, ඉන්දියාව, බ්‍රසීලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල තවමත් පැරණි දුරකථන භාවිතා කරන විශාල පිරිසක් සිටින බැවින් මෙම තීරණය ඔවුන්ට සෘජුවම බලපානු ලබනවා.

ඔබ දැනට Android 5.0 හෝ 5.1 සංස්කරණය සහිත දුරකථනයක් භාවිතා කරන්නේ නම්, මෙම මෘදුකාංග යාවත්කාලීන කිරීම වැදගත් වන අතර, ඔබගේ දුරකථනයේ Settings වෙත ගොස් අලුත් update එකක් ඇත්දැයි පරීක්ෂා කර එය Android 6.0 දක්වා යාවත්කාලීන කරන්න.

කෙසේ වෙතත්, ඔබගේ දුරකථනය යාවත්කාලීන කළ නොහැකි නම්, සැප්තැම්බර් 8 වනදාට පෙර නවීන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් සහිත දුරකථනයකට මාරුවීමට සිදුවනු ඇතියි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top