තලපති විජේ තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දෙයි.. වසර 50ක දේශපාලන බලකොටු බිඳ දැමූ ජයග්‍රහණය..
ඉන්දීය සුපිරි නළු තලපති විජේ මීට සුළු මොහොතකට පෙර තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නා.
චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
ප්‍රාන්ත මැතිවරණයේදී TVK පක්ෂය විශාල දක්ෂතාවයක් පෙන්නුම් කළත්, තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව සම්පූර්ණ කරගැනීමට ඔහුට නොහැකිවී තිබෙනවා.
කෙසේවෙතත්, ඉන්දීය ජාතික කොංග්‍රසය, VCK පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයක් විජේ සමඟ සන්ධානගත වීමත් සමඟ ඔහුට අවශ්‍ය බහුතර බලය හිමිවෙලා තිබෙනවා.
අද (10) උදෑසන උත්සවයට පැමිණි තමිල්නාඩු ආණ්ඩුකාරවරයාව නව මහ ඇමති විජේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා.
එහිදී අභිනව අමාත්‍ය මණ්ඩලය ද ආණ්ඩුකාරවරයාට හඳුන්වා දුන් අතර, ඉන්දීය ජාතික ගීය සහ ප්‍රාන්ත ගීය ගායනා කිරීමෙන් අනතුරුව දිවුරුම් දීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කළා.
වසර 50කට ආසන්න කාලයක් තමිල්නාඩුව පාලනය කළ DMK හා AIADMK පක්ෂවල බලය බිඳ දමමින් විජේ ලබාගත් මේ ජයග්‍රහණය ඉන්දීය දේශපාලනයේ මහා පෙරළියක් බව පසක් කරලා තිබෙනවා.