ශාසනික මෙහෙවරක නිමා කරමින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික විමලකීර්ති ශ්‍රී සුමන ගුණරතන නාහිමියෝ අපවත් අපවත් වෙයි..
Sunday, 10 May 2026 - 12:44 | Views - 81
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ විංශද් වර්ගික කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, උපාධ්‍යාය පූජ්‍ය ගොමගොඩ විමලකීර්ති ශ්‍රී සුමන ගුණරතන නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අපවත් වී තිබෙනවා.

අපවත් වන විට උන්වහන්සේ ශාසනික හා සාමාජීය වශයෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිට තිබෙනවා.

අපවත් වනවිට නාහිමියන් මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාලය පුරාණ විහාරය, ගැට⁣ඹේ ශ්‍රී සුධර්මාරාමය විහාරය හා හීපිටිය පුරාණ බෝධිමළු විහාරය යන විහාරත්‍රයාධිපති ධුරය හොබවනු ලැබූ බව වාර්තා කළා.

එමෙන්ම මාතලේ ගලේවෙල ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධුරයද උන්වහන්සේ විසින් හොබවනු ලැබූ බව පසක් කර තිබෙනවා.

අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨතම හිමිනමකවූ උන්වහන්සේගේ අපවත් වීම ශාසනාලැදි කාගේත් බලවත් කණගාටුවට හේතුවෙලා තිබෙනවා.

අපවත් වූ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේදී (11) පස්වරු 2.00ට ගැටඹේ නාගරික ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතවෙලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top