ඔබේ වකුගඩු ඇත්තටම නිරෝගීද? මේ රෝග ලක්ෂණ 5 තියෙනවා නම් ඔබත් අදම පරික්ෂා කරගන්න.
Sunday, 03 May 2026 - 13:32 | Views - 91
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන ඉන්ද්‍රියවන වකුගඩු අකර්මණ්‍ය වීම මේ වනවිට සමාජයේ දැඩි කතාබහට ලක්වෙලා තිබෙනවා.
 
බොහෝ දෙනෙක් වකුගඩු රෝගය හඳුනා ගන්නේ එය උත්සන්න වූ පසුව වුවත්, මුල් අවධියේදීම හඳුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් පිළිබඳව වෛද්‍යවරුන් කරුණු අනාවරණය කළා.

නිතර මුත්‍රා කිරීම (පොලියූරියා): අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටවීම හෝ මුත්‍රා පෙණ සහිතව පිටවීම වකුගඩු රෝගයේ මූලික ලක්ෂණයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ශරීරය ඉදිමීම: ඇස් යට, වළලුකර සහ පාදයේ පහළ ප්‍රදේශය ඉදිමී තිබේ නම් එය වකුගඩු රෝගය විය හැකියි. ශරීරයේ අතිරික්ත තරල පිටකිරීමට වකුගඩුවලට නොහැකිවූ විට මෙලෙස ඉදිමීම සිදුවන බව වෛද්‍යවරුන් පෙන්වාදී තිබෙනවා.

රුධිර පීඩනය ඉහළ යාම: අධි රුධිර පීඩනය වකුගඩු රෝගයට මෙන්ම වකුගඩු රෝගය නිසා රුධිර පීඩනය ඉහළ යාමටද බලපාන බව විශේෂඥයින් අවධාරණය කළා.

දියවැඩියාව හා සීනි මට්ටම වෙනස් වීම: වකුගඩු රෝගීන්ගෙන් 80%ක්ම දියවැඩියා රෝගීන් බව හෙළිවෙලා තිබෙනවා. සීනි මට්ටම හදිසියේ පහත වැටීමද වකුගඩු රෝගයේ ලක්ෂණයක් වියහැකියි.

තෙහෙට්ටුව හා කැසීම: ශරීරයේ පොස්පරස් සමතුලිතතාව ගිලිහීයාම නිසා ඇතිවන සමේ කැසීම, නිරන්තර විඩාව හා ඔක්කාරය පිළිබඳවද අවධානය යොමුකළ යුතු බව වෛද්‍යවරුන් සඳහන් කළා.

වකුගඩු නිරෝගීව තබා ගැනීම සඳහා දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2.5ක් පානය කිරීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය මොහ්සින් වාලි පවසා සිටියා.

එසේම ලුණු හා සීනි භාවිතය අවමකරන ලෙසත්, විශේෂයෙන්ම සහිඳ ලුණු භාවිතයේදී ප්‍රවේශම්වන ලෙසත් ඔහු උපදෙස් ලබාදී තිබෙනවා.

මීට අමතරව, වෛද්‍ය උපදෙස් රහිතව වේදනා නාශක හා ස්ටෙරොයිඩ් අඩංගු ඖෂධ ලබාගැනීමෙන් වකුගඩුවලට බරපතල හානි සිදුවන බව වෛද්‍යවරුන් අනාවරණය කළා.

ක්‍රමවත් ව්‍යායාම මගින් ශරීර බර පාලනය කරගැනීම (BMI අගය 24ට අඩුවෙන් තබා ගැනීම) මගින් වකුගඩු රෝග අවදානම 2026 වසරේදී පමණක් නොව ඉදිරියටත් වළක්වාගත හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top